Beauty
කුරුලෑ සුව කර ගැනීම සදහා ඔබට කළහැකි ස්වභාවික ප්‍රතිකාර
ලෙමන් සහ මී පැණි කුරුලෑ සුව කර ගැනීම සදහා ඉතාමත් හොද ප්‍රතිකාරයකි . මී පැණි ස්වාභාවික විශබිජ නාශකයක් ලෙස ක්‍රියාකරයි. ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් මෙම ලෙමන් සහ මීපැණි මිශ්‍රනය ඔබට cleanser එකක් ලෙස එදිනෙදා බාවිතා කිරීමෙන් කුරුලෑ සුව කර ගත හැකි.
Green tea කුරුලෑ නැතිකර ගැනීමට උපකාර කර ගත හැකි ඉතාමත් හොඳ දෙයකි. කුරුලෑ සුව කර ගැනීම සදහා මුහුණ සේදීමට සිසිල් කර ගත් green tea භාවිතා කරන්න.
ලෙමන් යුෂ මේස හැන්දකට කුරුඳු කුඩු තේ හැන්දක් එක්කර හොදින් මිශ්‍ර කර කුරුලෑ ලප කැලැල් මත රැයක් තබා සෝදා හරින්න. මෙය කුරුලෑවලට මනා ප්‍රතිකාරයකි.
උණුවතුර හුමාලය ඇල්ලීම ඔබේ මුහුණේ කුරුලෑ සමට ප්‍රතිකාර කළ හැකි තවත් සුදුසු ප්‍රතිකාරයක් වේ. හුමාලය ඇල්ලීමෙන් සමේ රෝම විවර වී පිරිසුදු වාතය සමට හොඳින් ඇතුළු වීමට උදව් වේ. එමගින් සමේ ඇති අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කරනු ලැබේ.
කුරුලෑ මත විටමින් E ආලේප කරන්න
විටමින් E අපේ සමට ඉතාමත් ක්‍රියාකාරී විටමින් එකක් ලෙස සදහන් කරන්න පුළුවන්. එය ඔබේ සම moisturize කරන අතර , එය ඔබගේ සම මත ඇති කැලැල් සහ පැල්ලම් අඩු කර ගැනීමට උදව් වේ.
කුරුලෑ සුව කරගැනීම සදහා තවත් සරල ප්‍රතිකාරයක් නම් ඇස්ප්‍රින් (Aspirin). මෙහි ඇති salicylic acid කුරුලෑ වියළීමට උදව් වේ. මේ සදහා වතුර ටිකකට ඇස්ප්‍රින් කුඩු කර හොඳින් දිය කර ගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ඇති කුරුලෑ වල ආලේප කර විනාඩි 20-30 පමණ පසු සෝදා ගන්න.
(under the courtesy of goodhousekeeping.lk web)